පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීමේදී සිදු කළ අක්‍රමිකතාවක් තුළින්”දූෂණය” නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි අල්ලස් කොමිසම අද (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මනූෂ නානායක්කාර මහතාට අදාළ විමර්ශන කටයුතු අවසන් කර විමර්ශන ගොනු අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු වෙත ඉදිරිපත් කර ඇති බවය.
ඔහු සම්බන්ධයෙන් ගනු ලබන පියවර දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් මෙහිදී එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුකරය යළි දෙසැම්බර් මස 18 වනදා කැඳවීමට නියම කළේය.
එදින මෙම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියම කළේය.
ඉකුත් රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී තමන්ට දේශපාලනික වශයෙන් හිතවත් සේවකින් තෝරාගන යැවීම තුළින් සිය බලය අයුතු ලෙස පරිහරණය කර දූෂණය නැමැති වරද සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු ඇමති මනුෂ නානායක්කාර මහතා අල්ලස් කොමිසම මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය නායකයාගෙන් පැසසුම්
නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්
මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට
නිවාඩු දින දෙකට අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්!
ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්