සමාජ මාධ්‍ය හරහා වසර දෙකක සිට ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යමින් දරුවන්ගේ සහ කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප විකුණූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙකු අද(28) ළමා හා කාන්තා කාර්යාංශය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
කරුණු විමසා බැලීමෙන් අනතුරුව අදාළ සැකකරුවා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා නියෝග කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ වයස අවුරුදු 22ක් වන තරුණයෙක් බව සඳහන්.
මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමාලි ශරෝමාලි ඇතුලු නිලධාරීන් පවසා සිටියේ, මෙම සැකකාර තරුණයා විසින් අවුරුදු දෙකක සිට සමාජ ඔස්සේ මෙම ජාවාරම තුළින් මුදල් උපයා ඇති බවයි.
මෙම සමාජ මාධ්‍ය ගිණුමේ මේ වන විට 8000කට අධික පිරිසක් එක්ව සිටින බව දක්නට ලැබෙන බවද ළමා හා කාන්තා කාර්යාංශය එහිදී සඳහන් කළා.
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්
ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය නායකයාගෙන් පැසසුම්
නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්
මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට
නිවාඩු දින දෙකට අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්!
ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්