පොලිස් සේවයට ඉදිරියේදී නව නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
ඊයේ (29) පැවැති ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දක්වමින් පොලිස්පතිවරයා පැවසුවේ මේ වන විට මානව සම්පත් සහ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම සම්බන්ධව ජනාධිපතිවරයා සහ අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් සේවය සඳහා 10,000ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලැබුණු බවය.
එමෙන්ම මේ වන විට පොලිස් සේවය තුළ නිලධාරීන් 38,000ක හිඟයක් පවතින බවත් එම හිඟය සහිතව සේවාව පවත්වාගෙන යාමට සිදුව ඇති බවත් පොලිස්පතිවරයා පැවසුවේය.
තවද වසරකට පොලිස් සේවයෙන් 2,000කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම සහ වෙනත් හේතුවෙන් පොලිස් සේවයෙන් ඉවත් වන බවද පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
“අපිට අවශ්‍ය මානව සම්පත් අවශ්‍ය ප්‍රමාණයට නැතිකම, නිලධාරීන්ට අවශ්‍ය ප්‍රමාණවත් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම සම්බන්ධව ජනාධිපතිතුමාට, අමාත්‍යතුමාට දැනුම්දුන්නාට පස්සේ මානව සම්පත් වැඩි කරන්න අපිට 10,000ක් බඳවා ගන්න අවසරයක් ලැබුණා. මොකද අපි බඳවා ගත්තේ නැත්නම් ඒ එක්කම වයස්ගතව සහ වෙනත් කටයුතු නිසා බැහැරවන සංඛ්‍යාව අවුරුද්දකට දෙදාස් ගාණක් වෙනවා. ඒ අනුව අද වන විට 38,000ක වගේ අත්‍යවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාවක් අඩුවෙන් තමයි මේ සේවාව පවත්වාගෙන යන්නේ.”

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කලින් ඉවර වෙනවා – වජිර
ඉන්දියානු ජනතාවගෙන් ගාල්ල ජාතික රෝහලට ලැබුණු පරිත්‍යාගය
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට ගත් තීරණය අහෝසි කරමින් නියෝගයක්
අද කාලගුණය
නේපාලයේ විපතින් දින හතරකට පසු සුන්බුන් අතරින් ජීවය ලැබු හත් හැවිරිදි දියණිය
22ට එරෙහිව මාලිමාවේ විධායක කමිටු සාමාජිකයෙකුගෙන් පෙත්සමක්
කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්
ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?