අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම නැවත සමාලෝචනය කර, නව යෝජනා ද ඇතුළත් කරමින් ව්‍යාපෘතියේ කටයුතු මේ වසර තුළදීම ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (29) පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණ ගෙන ඇත.
ඉන්දීය රජයේ දායකත්වය යටතේ රුපියල් බිලියන 6.5ක් දක්වා වැඩිදියුණු කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ පූජා භූමි සීමාව වර්ග කිලෝමීටර 28ක සිට 38ක් දක්වා පුළුල් කිරීමට නියමිතය.
ඒ අනුව, පූජා නගරය තුළ දුම් පිටවන ඩීසල් වාහන සීමා කර, ඒ වෙනුවට විද්‍යුත් බස් රථ යොදා ගනිමින් නගර සභාව යටතේ ක්‍රමවත් වටරවුම් ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
බැතිමතුන් සඳහා පදික මංතීරු, පාපැදි මංතීරු සහ දුම්රිය හා බස්වලින් පැමිණෙන පිරිස් වෙනුවෙන් සිසිල් පරිසරයක් සහිත විවේක ස්ථාන සකස් කිරීම සිදු කෙරේ.
පුරාවිද්‍යාත්මක ස්ථාන හුදෙක් නටබුන් ලෙස නොසලදා, ජනතාව වන්දනාමාන කරන ‘සජීවී ඓතිහාසික ස්ථාන’ ලෙස සලකා බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට නියමිතව ඇත.
ඇතුල් නුවර පදිංචි පවුල් 331ක් ලෝලුගස්වැව ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම සඳහා ඉඩම්, නිවාස හෝ සාධාරණ වන්දි මුදල් ලබා දීමේ විකල්ප ක්‍රමවේදයන් සැකසීම සිදු කරයි.
අදාළ සැලැස්ම ලබන මස 8 වනදා පූජා භූමි සංවර්ධන කමිටුවට ඉදිරිපත් කර, 15 වනදා වන විට සම්පූර්ණ සවිස්තරාත්මක සැලැස්ම සකස් කර අවසන් කරන ලෙස ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත.

2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !
කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුගේ කනක් තවත් රැඳවියෙකු කපා දාලා