Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ඇමති රවී අද අල්ලස් කොමිසම හමුවට

50 minutes ago

ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු දේශපාලන කටයුතුවල යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.

මීට පෙර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීමට මන්ත්‍රීවරයා පැමිණ නොසිටි අතර, අල්ලස් කොමිසමේ නිලධාරීන් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී ද මන්ත්‍රීවරයා නිවසේ සිට නොතිබිණි.

සිය දියණියගේ විවාහ මංගල්‍ය කටයුතු හේතුවෙන් වෙනත් දිනයක් ලබාදෙන ලෙස නීතිඥවරුන් මාර්ගයෙන් කළ ඉල්ලීමට අනුව මන්ත්‍රීවරයා අද දින කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥවරුන් ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *