22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතීඥ ලාල් විජේනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.
අදාළ සංශෝධනය සඳහා ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය ලබාගත යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඔහු එම පෙත්සමෙන් ඉල්ලා තිබේ.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ලාල් විජේනායක මහතා පවසන්නේ, 22 වන සංශෝධනයට විරුද්ධ සටන හුදෙක් ආණ්ඩුව හා විපක්ෂය අතර සටනක් ලෙස ගෙන හැර දැක්වීම ජනතාව නොමඟ යැවීමක් බවයි.
අධිකරණයේ ස්වාධීනත්වය සඳහා වූ මෙම සටන ශිෂ්ටසම්පන්න සමාජයක, ශිෂ්ටසම්පන්න පුරවැසියන් ලෙස ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කිරීමේ සටනක් බව ඔහු එමගින් පෙන්වා දී ඇත.
“ජනතාව ඉදිරියේ ඇති විකල්පය වන්නේ පක්ෂයක් ආරක්ෂා කරන්නේ ද යන්න නොව, දීර්ඝ කාලීන ඉමහත් කැපවීමකින් සටන් කර ජනතාව දිනාගත්, ශිෂ්ටසම්පන්න සමාජයක ශිෂ්ටසම්පන්න පුරවැසියන් ලෙස ජීවත්වීමේ අයිතිය මතු පරම්පරාවට ඉතිරි කරන්නේද නැද්ද යන්න බව” එම නිවේදනයේ සඳහන්.
මේ අතර ලාල් විජේනායක මහතා කැඳවුම්කරුවෙකු සහ ආරම්භක සාමාජිකයෙකු වන ප්රජාතන්ත්රවාදය සඳහා නීතිඥයෝ සංවිධානයෙන්ද පෙත්සමක් ගොනු කර ඇත.
22 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් එය ජනමත විචාරණයකින් සම්මත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස එමගින් ද ඉල්ලා තිබේ.
22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්වීමට නියමිතය.

අද කාලගුණය
නේපාලයේ විපතින් දින හතරකට පසු සුන්බුන් අතරින් ජීවය ලැබු හත් හැවිරිදි දියණිය
හිටපු ඇමති රවී අද අල්ලස් කොමිසම හමුවට
කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්
ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්