Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජාතික පාසල්වල ගුරු මාරු 11000ක් නවතී

2 hours ago

ජාතික පාසල්වල ගුරුවරුන් 11,000කගේ ස්ථාන මාරුවීම් අනුමත කෙරෙන මාරු මණ්ඩලවලින් ඉවත් වීමට ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබේ.

පසුගිය වසරේදී ස්ථාන මාරු කරන ලද ගුරුවරුන් 300කට වැඩි පිරිසක් ප්‍රධාන පෙළේ ජාතික පාසල්වල තවදුරටත් රැඳී සිටීමට විරෝධය පළ කරමින් මෙම පියවර ගෙන ඇති අතර, මේ සමඟ ලබන වසරට අදාළ ගුරු මාරු ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර වී ඇත.

විධිමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන තෙක් මාරු මණ්ඩල වෙත නොපැමිණෙන බව ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා වෙත ඊයේ (02) දැනුම් දී තිබේ.

ස්ථාන මාරු ලැබූ ඇතැම් ගුරුවරුන් මාරු මණ්ඩලවල අභියාචනා ප්‍රතික්ෂේප වීමෙන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනා ඉදිරිපත් කර එම පාසල්වලම රැඳී සිටින බවත්, එමගින් පිට පළාත්වල සිට පැමිණීමට සිටින ගුරුවරුන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

(source – aruna)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *