ජාතික පාසල්වල ගුරුවරුන් 11,000කගේ ස්ථාන මාරුවීම් අනුමත කෙරෙන මාරු මණ්ඩලවලින් ඉවත් වීමට ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබේ.
පසුගිය වසරේදී ස්ථාන මාරු කරන ලද ගුරුවරුන් 300කට වැඩි පිරිසක් ප්‍රධාන පෙළේ ජාතික පාසල්වල තවදුරටත් රැඳී සිටීමට විරෝධය පළ කරමින් මෙම පියවර ගෙන ඇති අතර, මේ සමඟ ලබන වසරට අදාළ ගුරු මාරු ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර වී ඇත.
විධිමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන තෙක් මාරු මණ්ඩල වෙත නොපැමිණෙන බව ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා වෙත ඊයේ (02) දැනුම් දී තිබේ.
ස්ථාන මාරු ලැබූ ඇතැම් ගුරුවරුන් මාරු මණ්ඩලවල අභියාචනා ප්‍රතික්ෂේප වීමෙන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනා ඉදිරිපත් කර එම පාසල්වලම රැඳී සිටින බවත්, එමගින් පිට පළාත්වල සිට පැමිණීමට සිටින ගුරුවරුන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
(source – aruna)

සිසුන් 56,000ක් ශිෂ්‍යත්ව කඩඉම පැනලා
නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු තෑග්ග
අගෝස්තු වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්
“පිරිත් කියන් නැතිව නීතිය කතා කරන්න” – බළංගොඩ කස්සප හිමිට අගවිනිසුරු පවසයි
කෝටි 20ක කොටු වුණු සේදවත්ත කසුන්ගේ ගෝලයා
ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් ගිලිහුණු 2027 ICC ශුරියන්ගේ කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට
22වැනි සංශෝධනයේ පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් නොකිරීම ගැන CLA සභාපතිගේ කනස්සල්ල
ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු කුරුණෑගලින්
22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්! තීන්දුව කථානායකට!
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ