පළමු වරට පැවැත්වෙන ICC කාන්තා චැම්පියන්ස් කුසලාන තරගාවලිය ලබන වසරේ පෙබරවාරි 14 සිට 28 දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
කණ්ඩායම් 6ක් එක්වන මෙම තරගාවලියේ සියලු තරග මුම්බායිහි ක්‍රිකට් ක්ලබ් ඔෆ් ඉන්දියා සහ Vadodara ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලිය මුලින් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබුණද, ජූලි මාසයේ පැවති ICC වාර්ෂික සමුළුවේදී ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකළ යුතු කාර්යය කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවට ලබා දී තිබෙනවා.
තරගාවලිය පැවැත්වීම සඳහා බංග්ලාදේශය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් තුන පිළිබඳව ICC විසින් සත්කාරකත්ව ඇගයීම් සිදුකර ඇති අතර, එහිදී ඉන්දියාව සුදුසුම ආදේශක සත්කාරක රට ලෙස නිර්දේශ කර තිබෙනවා.

කෝටි 20ක කොටු වුණු සේදවත්ත කසුන්ගේ ගෝලයා
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් හිංසනයට ලක් කළොත් දැඩි දඬුවම්
22වැනි සංශෝධනයේ පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් නොකිරීම ගැන CLA සභාපතිගේ කනස්සල්ල
ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු කුරුණෑගලින්
22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්! තීන්දුව කථානායකට!
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සහ T20 සංචිතය නම් කෙරේ
ප්‍රවීණ සංගීතඥ විමලජිත් දොඹගහවත්ත අභාවප්‍රාප්ත වෙයි
ඇමති විජිත හේරත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
ශම්මි සිල්වාට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක්
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 159ට එරෙහිව දිනන දකුණින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්