සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 48යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 265ක් රැස්කළේය. ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 266ක ඉලක්කයක් හිමිව තිබේ.
චෙස්ටර්-ලී-ස්ට්‍රීට් හිදී පැවැත්වෙන මෙම තරගයේ එංගලන්ත ඉනිම වෙනුවෙන් නායක හැරී බෘක් ලකුණු 67ක් රැස්කළ අතර, විල් ජැක්ස් (Will Jacks) නොදැවී ලකුණු 46ක් සහ ජෝ රූට් ලකුණු 44ක් ලබාගත්තේය. ඊට අමතරව බෙන් ඩකට් ලකුණු 32ක් සහ ජොස් බට්ලර් ලකුණු 31ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සචින්දු කොළඹගේ කඩුලු 3ක් දවාගත් අතර, අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳහෙළීය. මීට අමතරව දුනිත් වෙල්ලාලගේ, දිල්ෂාන් මධුශංක සහ දුෂ්මන්ත චමීර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදුලි බිලෙන් ජනතාවට සහන දෙන්න දැවැන්ත මුදලක් වෙන් කරයි
මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්! අයෙකු මරුට!
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම
විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්
ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීම්වලිනුත් පහළට වැටෙයි
ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
බබන්ධනාගාරයේදී ගුටි ඇනගත් හරක් කටා සහ පද්මේ ගැන විශේෂ විමර්ශනයක්
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සුගීෂ්වරට අදත් ඇප නෑ