ඉදිරියේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් සහනාධාරයක් ලබාදීම හෝ යම් මිල සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසයි. පසුගිය දිනවල දිවයිනේ ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් නිර්මාණය වූයේ අනෙකුත් ඉන්ධන වෙළෙඳ සමාගම් විසින් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීම හේතුවෙන් බවත්, ඒ පිළිබඳව සියලුම ඉන්ධන සමාගම් කැඳවා පැවැත්වූ සාකච්ඡාවකදී තමන්ට සිදුවන අධික පාඩුව පිළිබඳව අදාළ සමාගම් විසින් රජය වෙත තොරතුරු අනාවරණය කර ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව RM Parks සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 173ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 38.75ක පාඩුවක් ද, Sinopec සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 192ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 67ක පාඩුවක් ද පෙන්වා දී තිබේ. එමෙන්ම LIOC (IOC) සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 136ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 57ක පාඩුවක් සිදුවන බව පෙන්වා දී ඇත. රජයට ජාතික වගකීමක් තිබුණ ද ව්‍යාපාරික අරමුණින් කටයුතු කරන පෞද්ගලික සමාගම්වලට මෙලෙස පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට හැකියාවක් නොමැති බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
අදාළ සමාගම් සමඟ අත්සන් කර ඇති ගිවිසුම්වලට අනුව, නියමිත මිලට ඉන්ධන අලෙවි කිරීමේදී පාඩුවක් සිදුවන්නේ නම් එම පාඩුව රජය විසින් පියවිය යුතු බවට ප්‍රතිපාදන පවතින බව පෙන්වා දුන් ඩී. ජේ. රාජකරුණා මහතා, අදාළ සමාගම්වලට පාඩුවක් නොවන පරිදි ඉන්ධන අලෙවි කිරීමට ඉඩ ලබාදීම හෝ රජය මැදිහත්වී සහනාධාරයක් ලබාදීම සම්බන්ධයෙන් දැනට අවධානය යොමුව ඇති බව පැවසීය.

ජානකී සිරිවර්ධන රිමාන්ඩ්
පොලීසියේ ASP තනතුරෙන් පහළ නිලධාරීන්ට විද්‍යුත් යතුරුපැදි 65,000 ක්
ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් වෙනත් දිනයක් ඉල්ලයි
ඉලක්කයටත් එහා ගිය සැප්තැම්බර් රේගු ආදායම
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දිලිත් ජයවීර කළ ඉල්ලීම
පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව WhatsApp අංකයක්
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
සිවරාජා අනෝජන් බේරාගැනීමට ජාත්‍යන්තර මට්ටමේ මෙහෙයුමක්
පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි