ශ්‍රී ලංකා නාවික හමුදාව සහ රක්නා ආරක්ෂක ලංකා සමාගම එක්ව කළ මුහුදු ආරක්ෂණ සේවයට ඇවන්ගාඩ් සමාගම එක්කර ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කිරීමට කෝප් කමිටුව පියවර ගෙන ඇත.
ඇවන්ගාඩ් පෞද්ගලික සමාගම මෙම සේවාවට එක්කර ගැනීම නිසා රජයට විශාල මුදලක් අහිමි වී ඇති බව කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේය.
රක්නා ආරක්ෂක ලංකා සමාගමේ නිලධාරීන් හමුවේ සභාපතිවරයා මෙන්ම කාරක සභා සාමාජික දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ද මෙම ගිවිසුම්ගත වීම් සිදුකළේ කාගේ අවශ්‍යතාව මතදැයි ප්‍රශ්න කර සිටියේය.
අදාළ සමාගම සමඟ ඇති සියලු ගිවිසුම් අහෝසි කිරීමටත්, රජයට වූ පාඩුව අයකර ගැනීමටත්, ඊට සහය දුන් අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

උතුරෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 1.5 පනී
කල්බදු වාහන පවරාගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රම ගැන පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්
ළදරු කිරි බෝතල් සහ ප්ලාස්ටික් බෝතල් මිලදී ගැනීමේදී සැලකිලිමත් වන්න! පාරිභෝගික අධිකාරියෙන් මහජනතාවට දැනුම්දීමක්!
ඉදිරි මාස තුන සඳහා ඉන්ධන සහනාධාරයක්
බද්දේගම, හල්පතොට වෙඩිතැබීමක්! දෙදෙනෙකුට තුවාල!
නල්ලූර්හි තිලීපන්ගේ පිළිරුව පොලිසිය ගලවා ඉවත් කරයි
ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගම්පහදී අද ජන රැලියක්
කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
අල්ලස් කොමිසම නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගනී
ඥානසාර හිමිට යළි ජනාධිපති සමාව ඉල්ලන්න මිහින්තලේ හිමියන් පෙරමුණට
කථානායකවරයාට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්
වැස්ස ගැන අලුත්ම අනාවැකිය – “ගංවතුර සඳහා සූදානම්වීම අවශ්‍ය විය හැකියි”