අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම සඳහා මැදිහත් වන ලෙස මිහින්තලය රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
අදාළ ඉල්ලීම සිදුකර ඇත්තේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම සඳහා ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන් අතින් අඩුපාඩුවක් සිදුව ඇති බව පවසමින්.
එම නියෝගය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ ගැටලුවක් හේතුවෙන් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක්ව ඇති බවද මිහින්තලය රජමහා විහාරාධිපති සඳහන් කරනවා.
ඒ අනුව වර්තමාන ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නිසි ක්‍රියාමාර්ගයක් ගෙන ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කරන ලෙසයි උන්වහන්සේ ඉල්ලීම සිදුකර ඇත්තේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලා ඇතුළු සිව්වනක් පිරිස සහ විවිධ ජනවර්ග හා ආගමික කණ්ඩායම් එක්කර ගනිමින් අත්සන් ලබාගෙන එම ලේඛන මහානායක හිමිවරුන් වෙත භාරදීමටද කටයුතු කරන බව ද උන්වහන්සේ සඳහන් කරනවා.
ඒ අනුව, නිසි ක්‍රමවේදයකට අනුව කටයුතු කරමින් ඥානසාර හිමියන්ටද ජනාධිපති සමාව ලබාදීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි මිහින්තලය රජමහා විහාරාධිපති වැඩිදුරටත් පවසන්නේ.

අල්ලස් කොමිසම නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගනී
කථානායකවරයාට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්
වැස්ස ගැන අලුත්ම අනාවැකිය – “ගංවතුර සඳහා සූදානම්වීම අවශ්‍ය විය හැකියි”
සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දෙති
අදට යෙදෙන බිනර පොහොයෙහි ඇති වැදගත්කම
පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පිපිරී 7ක් රෝහලේ
ලංකා බැංකුවෙන් විශේෂ නිවේදනයක්! පාරිභෝගිකයන්ට විශේෂ පැහැදිලි කිරීමක්!
ඉදිරි අයවැයෙන් පොත් සඳහා වන වැට් බදුවල වෙනසක්
චාමර සම්පත්ගේ ලේකම් යළි රිමාන්ඩ්
ශිරාන් බාසික්ගේ පියා යළි රිමාන්ඩ්