Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උතුරෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 1.5 පනී

1 day ago

උතුරු වෙරළ තීරයෙන් මෑත ඉතිහාසයේ හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය යාපනය, මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයෙන් අද (27) සොයාගත් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පවසනවා.

අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 1.5ක් පමණ වන බවයි.

එහි හෙරොයින් කිලෝග්‍රෑම් 35ක් සහ ‘අයිස්’ (Ice) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45ක් අඩංගු බවද ඔහු සඳහන් කළා.

මීට පෙර නාවික හමුදාව සහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ කිලෝග්‍රෑම් එකේ පැකට් වුවද, උතුරු මුහුදු වෙරළ තීරයෙන් මෙලෙස කිලෝග්‍රෑම් 5 බැගින් වූ පැකට් ලෙස මත්ද්‍රව්‍ය සොයාගත් පළමු අවස්ථාව මෙය බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මෙම මත්ද්‍රව්‍ය තොගය උතුරේ තරුණ ප්‍රජාව ඇතුළු ජනතාව අතරට ගියේ නම් මහත් විශාල විනාශයක් සිදුවීමට ඉඩ තිබූ බවත්, උතුරද දකුණද කියා වෙනසක් නොමැතිව මුළු ශ්‍රී ලංකාවේම ජනතාව එකලෙස සලකමින් වර්තමාන රජය මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *