Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ළදරු කිරි බෝතල් සහ ප්ලාස්ටික් බෝතල් මිලදී ගැනීමේදී සැලකිලිමත් වන්න! පාරිභෝගික අධිකාරියෙන් මහජනතාවට දැනුම්දීමක්!

14 minutes ago

දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ විමර්ශන වැඩසටහනකදී නීතිමය ප්‍රමිතීන්ට අනුකූල නොවන නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සහ ළදරු කිරි බෝතල් 1,400කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පසුගිය සතිය තුළ සිදු කළ පරීක්ෂා කිරීම් 144කදී නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සම්බන්ධයෙන් වැටලීම් 96ක් සහ ළදරු කිරි බෝතල් සම්බන්ධයෙන් වැටලීම් 48ක් සිදුකර තිබේ.

2025 ඔක්තෝබර් 01 දිනැති අංක 2456/42 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති විධාන අංක 96 මඟින් නියමිත අවශ්‍යතාවලට අනුව, ප්ලාස්ටික් බෝතල් සඳහා SLS 1616 ප්‍රමිතියත්, පොලිමර් ද්‍රව්‍යවලින් නිෂ්පාදිත ළදරු කිරි බෝතල් සඳහා SLS 1306 ප්‍රමිතියත් අදාළ වන අතර එම විධානය 2026 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සහ ළදරු කිරි බෝතල් මිලදී ගැනීමේදී නිෂ්පාදනයේ සඳහන් තොරතුරු පිළිබඳව හොඳින් පරීක්ෂා කර බලන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කෙසේ වෙතත්, ආනයනික භාණ්ඩයක SLS ලාංඡනය නොමැති වීම පමණක් එම භාණ්ඩය නීති විරෝධී බවට නිගමනය කිරීමට හේතුවක් නොවන බව ද පෙන්වා දෙන එම අධිකාරිය, සැකකටයුතු භාණ්ඩ පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇමතීමට හැකි බව වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *