ගුවන් සේවා සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක වෙනුවෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ ඇප තැබූ මුදල් රාජසන්තක කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (30) නියෝග කළේය.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළ සැකකාරියක වන ප්‍රියංකා වෙනුවෙන් අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංගි නියෝමාලි විජේනායක තබා ඇති ඇප මුදල් මෙලෙස රාජසන්තක කර ඇත.
ප්‍රියංකා නියෝමාලි විජේනායක රුපියල් මිලියන 20 බැගින් වූ ඇප දෙකක් මත ඇප මත මුදා හැර තිබූ අතර, ඒ අනුව අද මිලියන 20ක් ගෙවන බව ඇපකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයා දැන්වීය.
ඒ අනුව එම මුදල අද ගෙවීමට අවසර හිමිවූ අතර, ඉතිරි මුදල ගෙවීමට ඔක්තෝබර් 14 වැනිදා දක්වා කල් හිමිවිය.
එයාර් බස් ගනුදෙනුවට අදාළව සිදු කරනු ලබන විමර්ශනයට අදාළව ප්‍රියංකා නියෝමාලි විජේනායකට අධිකරණය මග හැරීම නිසා වරෙන්තු නිකුත් කර ඇති අතර, එය ජාත්‍යන්තර පොලීසිය වෙතද යොමුකිරීමට පියවරගෙන තිබේ.
ඇප ලබා විදේශ ගත වී සිටින අදාළ සැකකාරිය, ඔහුගේ සැමියා වන කපිල චන්ද්‍රසේන මිය යාමට පෙරද අධිකරණය මග හැර වරෙන්තු නිකුත් වී ඇති බැවින් ඇපකරුවන්ට සහනයක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම මහෙස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රතික්ෂේප කර ඇත.
දෙවන සැකකාරිය තම සැමියා සියදිවි නසා ගැනීම සහ ඇයගේ ජීවිතයට ඇති අසීමිත බිය හේතුවෙන් මෙරටට පැමිණීමේ බියෙන් පසුවන බවත්, මේ මොහොතේ සැකකාරිය තම පාලනයෙන් තොර බවත් ඇපකරුවන් අධිකරණයට දන්වා තිබේ.
මෙම නඩුවේ තෙවන සැකකරු වන හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත් ෂමීන්ද්‍ර රාජපක්ෂ යන අයටද ජාත්‍යන්තර වරෙන්තුවක් මේ වනවිට නිකුත් කර ඇත.

කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පනවයි
කුකුල් මස් කිලෝවක් අල්ලස් ලෙස ඉල්ලූ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම්
පාකිස්තානට එරෙහි T20 සංචිතය නම් කෙරේ
2025 ශිෂ්‍ය කණ්ඩායම තව මාස ගාණකට විශ්වවිද්‍යාලයට බඳවා ගන්න බැහැ – FUTA
ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් සම්බාධක?
බදු ගැන ඇහෙන අලුත්ම පුවත
Marina-front එකේ තියන Prime Marina එකට මෙච්චර ඉල්ලුමක්. ඇත්තටම ඒකට හේතුව මොකක්ද?
බන්දුල ගුණවර්ධන අද අල්ලස් කොමිසමට
මාස 10කට පසු යකඩ යකා කඩුගන්නාවට
තෙල් බැරල් මිලියන 2.5ක ධාරිතාවයෙන් යිත් බොරතෙල් නෞකාවකට ප්‍රහාරයක්
අද තද වැසි වැටෙන ප්‍රදේශ
බුදුන්වහන්සේට අවමන් කරමින් වෛරය වැපිරවූ තරුණයාට වැඩ වරදී