එළැඹෙන වසරේ සිට මෙරට බදු ක්‍රමය වඩාත් සරල සහ පහසු කිරීමට සැලසුම් කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි.
ඒ අනුව රේගු බද්දට අමතරව අයකරන වෙනත් බදු ඉවත් කර ක්‍රමානුකූලව බදු සරල කිරීමට අවශ්‍ය වෙනස්කම් සිදුකරන අතර, අනිකුත් ආයතනවලට අදාළවද එවැනි සරල බදු ක්‍රම අය කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඩිජිටල් අත්සන් සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
“ලබන වසරේදී අපේ බදු ක්‍රමය වඩාත් සරළ හා පහසු කිරීමට සැලසුම් කර තිබෙනවා. රේගු බද්දට අමතරව අය කරන වෙනත් බදු ඉවත් කර ක්‍රමානුකූලව බදු සරල කිරීමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනවා. අනෙකුත් ආයතනවලට ආදාළවත් එවැනි සරල ක්‍රම අනුගමනය කරනවා. තොරතුරු තාක්ෂණ පද්ධතිය ආයතනවලට බද්ධ කරගැනීම වේගවත් කරනවා. ඒ යන ගමනේ එක් සන්ධිස්ථානයක් ලෙස තමයි අද මේ ආරම්භ කරන ලද කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය අපි දකින්නේ.”
මේ අතර, 2026 වසර සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත ලබාදුන් ආදායම් ඉලක්කය ආසන්නයට එම දෙපාර්තමේන්තුව පැමිණ ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලෝකඩ පදක්කම
ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇති ඉරාන නෞකා සහ අමෙරිකානු සම්බාධක ගැන පලවන වාර්තා පිළිබඳ විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
අද අව්-වැසි තත්ත්වය
කුකුළු මස් හා බිත්තර මිල ඉහළට?
කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි
කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පනවයි
කුකුල් මස් කිලෝවක් අල්ලස් ලෙස ඉල්ලූ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම්
පාකිස්තානට එරෙහි T20 සංචිතය නම් කෙරේ
2025 ශිෂ්‍ය කණ්ඩායම තව මාස ගාණකට විශ්වවිද්‍යාලයට බඳවා ගන්න බැහැ – FUTA
Marina-front එකේ තියන Prime Marina එකට මෙච්චර ඉල්ලුමක්. ඇත්තටම ඒකට හේතුව මොකක්ද?
බන්දුල ගුණවර්ධන අද අල්ලස් කොමිසමට