ශ්‍රී ලංකා ගුරු සේවයට අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමේදී පැනනැගුණු ගැටලු විසඳීම සඳහා ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ගුරු-විදුහල්පති සංගම් නියෝජිතයින් සහ අධ්‍යාපන අමාත්‍ය, අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් ඉසුරුපාය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ නිර්දේශයන්ට අනුකූලව මෙම නව ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට නියමිත අතර, ඒ පිළිබඳව සියලු පාර්ශ්ව සමඟ දීර්ඝ ලෙස කරුණු සමාලෝචනය කර තිබේ.
අදාළ ව්‍යවස්ථා සංශෝධන කටයුතු අවසන් වූ වහාම අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.
ගුරු පුහුණු, විද්‍යාපීඨ සංවර්ධනය සහ ගුරු-විදුහල්පති ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවාවන් 06ක වෘත්තීයභාවය නංවාලීම වෙනුවෙන් අධ්‍යාපන වෘත්තික සභාවක් පිහිටුවීමට රජය ගෙන ඇති පියවර පිළිබඳවද අගමැතිනිය කරුණු පැහැදිලි කළාය.
මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා, අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ගුරු-විදුහල්පති සංගම් නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.

පස්වරු 1න් පස්සේ එළියට යනවා නම් කුඩයක් අරගෙන යන්න අමතක කරන්න එපා
සියලුම රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය
දැඩි කණස්සල්ල පළ කරමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට
රිමාන්ඩ් කෙරුණු ශිරන්ති රාජපක්ෂට විශේෂ ආරක්ෂාවක්
ලංගම බසයට යටවුණු 12 හැවිරිදි පාසල් සිසුවා අවසන් ගමන් යයි
“ඥානසාර හිමිගේ චීවරය ඉවත්කර ගිහි ඇඳුමින් උපැවිදි තත්ත්වයට පත්කිරීම බරපතළ වරදක්” – අස්ගිරි ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
ප්‍රදීප් කාරියවසම්ට ඇප
හිටපු විදෙස් ඇමති රෝහිත බෝගොල්ලාගම රිමාන්ඩ්
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට