Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධ්‍යාපනවේදීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන නව ව්‍යවස්ථා සංශෝධනයක්?

2 days ago

ශ්‍රී ලංකා ගුරු සේවයට අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමේදී පැනනැගුණු ගැටලු විසඳීම සඳහා ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ගුරු-විදුහල්පති සංගම් නියෝජිතයින් සහ අධ්‍යාපන අමාත්‍‍ය, අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් ඉසුරුපාය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ නිර්දේශයන්ට අනුකූලව මෙම නව ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට නියමිත අතර, ඒ පිළිබඳව සියලු පාර්ශ්ව සමඟ දීර්ඝ ලෙස කරුණු සමාලෝචනය කර තිබේ.

අදාළ ව්‍යවස්ථා සංශෝධන කටයුතු අවසන් වූ වහාම අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

ගුරු පුහුණු, විද්‍යාපීඨ සංවර්ධනය සහ ගුරු-විදුහල්පති ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවාවන් 06ක වෘත්තීයභාවය නංවාලීම වෙනුවෙන් අධ්‍යාපන වෘත්තික සභාවක් පිහිටුවීමට රජය ගෙන ඇති පියවර පිළිබඳවද අගමැතිනිය කරුණු පැහැදිලි කළාය.

මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා, අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ගුරු-විදුහල්පති සංගම් නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *