Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සරසවි ඇදුරන් අද එක්දින වැඩවර්ජනයක

6 hours ago

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (30) දිනයේ සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම ආවරණය වන පරිදි එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) තීරණය කර ඇත.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින දැඩි ආචාර්යවරුන්ගේ හිඟය, පවතින කාර්ය මණ්ඩලය මත ඇති අධික වැඩබර සහ ප්‍රමාණවත් භෞතික පහසුකම් නොමැතිවීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙන මෙම පියවර ගෙන තිබේ.

වැඩවර්ජනයට සමගාමීව අද දිනයේ පාගමනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති අතර, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දී ඇති බරපතළ අභියෝග පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ අවධානය යොමු කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *