Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විදෙස්ගත ශ්‍රමිකයන් ගැන ජනපති ගත් තීරණය

42 minutes ago

මෙරට ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් කිසිදු පැකිළීමකින් තොරව සැපයීමට කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (28) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී, විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස යෝජනා ක්‍රමය ඇතුළු ණය පහසුකම් ලබාදීමේදී මතුව ඇති ගැටලු සහ තීරුබදු රහිත පහසුකම් පිළිබඳව විශේෂ අවධානය යොමු විය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධන වැඩසටහන් වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් පිළිබඳ නිවැරදි සහ යාවත්කාලීන දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ දැඩි අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *