Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රංශයේ දැවැන්ත විරෝධතා! 1,200කට වැඩි පිරිසක් අත්අඩංගුවට!

1 hour ago

පාසල් පද්ධතියේ පවතින අඩුපාඩු සහ අධික ජීවන වියදමට එරෙහිව ප්‍රංශය පුරා සංවිධානය කර තිබූ දැවැන්ත විරෝධතා මාලාවක් අතරතුර ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලක්ෂ 5 හමාරකට ආසන්න පිරිසක් වීදි බැස සිටි මෙම විරෝධතා අතරතුර සිදුවූ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් අවම වශයෙන් පුද්ගලයින් 1,200 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රංශ රජය තහවුරු කර ඇති බවයි.

අගනුවර වන පැරිස් නුවර ඇතුළු ප්‍රධාන නගර රැසක රාත්‍රී කාලය වන තෙක්ම කැරලි මර්දන පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ප්‍රබල ගැටුම් පැවැති අතර, සෙනඟ විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් විසින් ගොඩනැගිලි, වෙළඳසැල් සහ වාහන ගිනි තබා විනාශ කර ඇති අතර, ලිමෝජස් (Limoges) නගරයේ නගර සභා ගොඩනැගිල්ලට එල්ල වූ ගිනි තැබීමෙන් එහි වහලයේ කොටසක් කඩා වැටී ඇති අතර, ලිල් (Lille) නගරයේ ඇපල් (Apple) වෙළඳසැලක් ඇතුළු ස්ථාන රැසක් විරෝධතාකරුවන් විසින් කඩාපැන කොල්ල කා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මෙහිදී, සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වයන්ගෙන් පොලිස් නිලධාරීන් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකොර්නු (Sébastien Lecou) ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රංශයේ අවුරුදු 15-18 අතර සිසුන් අධ්‍යාපනය ලබන ‘ලයිසි’ (lycées) ද්විතියික පාසල්වල පවතින ගුරු හිඟය සහ ගොඩනැගිලි අලුත්වැඩියා නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ වූ මෙම සිසු විරෝධතාවලට, වෘත්තීය සමිති සහ 2018 වසරේදී ජීවන වියදමට එරෙහිව සටන් කළ ‘කහ කබා’ (Gilets Jaunes) ව්‍යාපාරයේ සාමාජිකයින්ද පසුව එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හමුවේ රට තුළ දේශපාලන නොසන්සුන්තාවයක් නිර්මාණය වී ඇති පසුබිමක මෙම විරෝධතා පැනනැගී ඇති අතර, සිදුවූ ප්‍රචණ්ඩක්‍රියා සහ පොදු දේපළ විනාශ කිරීම් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසා තිබෙනවා.

මූලාශ්‍රය – බීබීසී

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *