Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනප්‍රිය බොලිවුඩ් නළු ටයිගර් රොෆ් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක්  

3 minutes ago

ජනප්‍රිය බොලිවුඩ් නළු ටයිගර් රොෆ් ඉලක්ක කරගනිමින් ඊයේ (18) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මුම්බායි හි ජුහු ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ටයිගර් රොෆ් මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි අවස්ථාවක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, වෙඩි තැබීමෙන් ඔහුට කිසිදු හානියක් සිදුව නොමැති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමෙන් ඔහුගේ රියදුරු සහ තවත් ඔටෝරිෂෝ රියදුරෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ලෝරන්ස් බිස්නෝයි නැමැති පාතාල කල්ලිය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව සඳහන් කළද, මුම්බායි පොලිසිය තවමත් එහි සම්බන්ධය තහවුරු කර නොමැති බවයි සඳහන්.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා, අපරාධකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සහ ස්වදේශ අමාත්‍ය දේවේන්ද්‍ර ෆනවිස්, මුම්බායි පොලිස් කොමසාරිස්වරයා වෙත නියෝග නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *