Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කුමාර් සංගක්කාරට අයර්ලන්තයේ දී අකරතැබ්බයක්

4 minutes ago

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතාට සහ ඔහුගේ පවුලේ අයට, අයර්ලන්තයේ ඩබ්ලින් ගුවන්තොටුපොළේදී අමිහිරි අත්දැකීමකට මුහුණදීමට සිදුවී තිබේ.

ඒ, ‘රයන්-එයාර්’ (Ryanair) නම් ගුවන් සේවයට අයත් කාර්ය මණ්ඩලය විසින් ඔහුට සැලකූ තර්ජනාත්මක හැසිරීමක් හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් තබමින් සංගක්කාර මහතා පවසා ඇත්තේ, තමන්ට සහ පවුලේ අයට මුහුණදීමට සිදු වූ මෙම අත්දැකීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත් තමන් ඒ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ට පත් වූ බවත්ය.

‘රයන්-එයාර්’ කාර්ය මණ්ඩලය තමන් ඇමති ආකාරය නොසුදුසු වූ බවත් අදාළ ක්‍රියාපටිපාට නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවත් සංගක්කාර පවසයි.

කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළ නිශ්චිත තත්ත්වයක් ගැන තොරතුරු තවමත් හෙළි වී නොමැත.

ඕනෑම මගියෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණු දීමට සිදුවීම පිළිඟත නොහැකි තත්ත්වයක් බව ඔහු වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *