රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්, තම ලේකම්වරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී. චානක මහතා මාර්ගයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
තමන් ද දේශපාලනයේ මුල් කාලයේදී බන්ධනාගාරගත වූ බව සිහිපත් කරමින්, අධිකරණය කෙරෙහි පමණක් පූර්ණ විශ්වාසය තබන ලෙස හිටපු ජනාධිපතිවරයා තම පුත්රයාට උපදෙස් දී ඇත.
බලයේ සිටියදී විපක්ෂයේ දරුවන්ට රජයේ රැකියා ලබා දුන් බවත්, රාජපක්ෂවරුන්ගේ සම්ප්රදාය පලිගැනීම නොවන බැවින් කිසිදු විටෙක කිසිවකු පසුපස හඹා යමින් පලි නොගන්නා ලෙසත් ඔහු එම ලිපිය මඟින් පවසා තිබේ.
හිටපු ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද ලිපිය පහතින්,
ආදරණීය නාමල්!
ඔබ දේශපාලනයට පිවිසීම අදහස් කළ වර්ෂ 2010 දී ඊට මගෙන් අවසර පැතුවා මතක ඇති. ඒ අවස්ථාවේ මම ඔබට දුන් අවවාදය ද මතක ඇතැයි සිතමි. කැමති නම් දේශපාලනයට එන්න. හැබැයි හිරේ යන්න වගේම දුක් විඳින්න බලාගෙන එන්න. ඒකට මට කමක් නෑ.
මම එලෙස කීවේ මා දේශපාලනයට පිවිසි ටික කලකින් එදා පැවති ආණ්ඩුව විසින් පදනම් විරහිත චෝදනාවක් දමා මා බන්ධනාගාරගත කළ නිසාය. ඒ වන විට ඔබ ඉපදී නැත. එදා මගේ එකම විශ්වාසය තිබුණේ අධිකරණය ගැන පමණයි. කවුරුන් කුමක් කිව්වද ඔබත් අධිකරණය ගැන පමණක් විශ්වාසය තබන්න.
දෛවෝපගත ලෙස අම්මාත් මමත් මේ දිනවල ඔබ ද උපන් නවලෝක රෝහලේ රෝහල්ගත වී සිටිමු. ඔබේ සහෝදරයන් වන යෝෂිත සහ රෝහිත අපේ සුවදුක් විමසා බලයි. යෝෂිතට එක් නඩුවක් වැටී ඇත්තේ ඔවුන් නාවික හමුදාවේ රැකියාවට යෑම නිසාය. එකල අපි රැකියා ලබා දුන් දහස් ගණන් තරුණයන් අතර මේ ආණ්ඩුවේ උදවියගේ තරුණ දරුවන්ද සිටි වග ඔබට ද මතක ඇතැයි සිතමි. එහෙත් ඔබලාට බලය ඇති කිසිම අවස්ථාවක ඒ අය පසුපස යන්න එපා.
මාගේ මතය දෙමව්පියන් කරන දේට දරුවන් පලි නැති බවයි. පලි නොගැනීම රාජපක්ෂවරුන්ගේ ක්රමයයි. සම්ප්රදායයි.
මේ රටේ දුක් විඳින ලක්ෂ සංඛ්යාත ජනතාවට රට නිදහස් කර දීමේ වරදට රාජපක්ෂවරුන් මේ සමාජය වැරදිකරුවන් කරන්නේ නැත. අප ඡන්දයෙන් පරාජය කරන ලද නමුත් රටේ ජනතාව කළගුණ සලකන සමාජයක් බව සිතා කටයුතු කරන්න.
ඔබට තෙරුවන් සරණයි!”

සබරගමුව විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස අග්ගමහා පණ්ඩිත ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කෙරේ
සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අධිකරණයට
ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම ගැන ඇසෙන කතාව
රජයේ ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්යාංශය තීරණය කරයි
නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්
තිස්සකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි
වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් නිවේදනයක්
තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ මාලිමා මන්ත්රී රිමාන්ඩ්
රටම කැළඹූ වස් කවිය ගැන පොලිසියෙන් ප්රකාශයක්
ශ්රී ලංකා පිල ලැබූ විශිෂ්ට ජය ගැන සංගක්කාරගෙන් විශේෂ සටහනක්
ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්රබල තත්ත්වයක පවතිනවා -නීතිපතිවරයා අධිකරණයට දැනුම්දෙයි
අන්දමන් ආශ්රිතව පීඩන අවපාතයක් වර්ධනය වෙයි! වැසි තත්ත්වය පහව යන දිනය මෙන්න!