Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වසර 26ක ජයග්‍රහණ පිපාසය නිම කිරීමට ශ්‍රී ලංකාව අද රාවල්පිණ්ඩිහිදී පිටියට

31 minutes ago

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක පළමු තරගය අද (නොවැම්බර් 09) රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. අයි.සී.සී. (ICC) ලෝක ටෙස්ට් ශූරතාවලිය (WTC) යටතේ ක්‍රියාත්මක වන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 10:00 ට ආරම්භ වීමට නියමිතය.

රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණය මෑතකදී පාකිස්තාන කණ්ඩායමට එතරම් වාසිදායක තත්ත්වයක් පෙන්නුම් කර නැති පිටියක් ලෙස සැළකේ. 2021 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලැබූ ජයග්‍රහණයෙන් පසු, ඔවුන් මෙම පිටියේ ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරග 6න් ජයග්‍රහණය කිරීමට හැකි වී ඇත්තේ එකම එක තරගයක් පමණි.

මෙම සංචාරය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වන අතර, ශ්‍රී ලංකාවක් පාකිස්තානයේදී ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කරනු ලබන්නේ වසර 7කට පසුවය. අවසන් වරට 2019 වසරේදී පාකිස්තානයේ සංචාරය කළ අවස්ථාවේදී තරග 1-0ක් ලෙස සත්කාරකයන් හමුවේ පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. එපමණක් නොව, 2000 වසරේදී සනත් ජයසූරියගේ නායකත්වයෙන් යුතුව තරග 2-1ක ජයක් වාර්තා කිරීමෙන් පසු, මේ දක්වා ගත වූ වසර 26ක කාලය තුළ ශ්‍රී ලංකාවට පාකිස්තාන බිමේදී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට හැකිවී නැත.

දෙරට අතර මෙතෙක් පවත්වා ඇති සමස්ත ටෙස්ට් තරග සංඛ්‍යාව 59කි. එහිදී ශ්‍රී ලංකාව තරග 17ක් ජයගෙන ඇති අතර, පාකිස්තානය තරග 23ක් ජයගෙන තිබේ. තවත් තරග 19ක් ජයපරාජයෙන් තොරව අවසන් වී ඇත. මීට අමතරව පාකිස්තාන බිමේදී ටෙස්ට් තරග 23ක් පවත්වා ඇති අතර, එහිදී ශ්‍රී ලංකාව තරග 6ක්ද, පාකිස්තානය තරග 9ක්ද ජයගෙන ඇති අතර තරග 8ක් ජයපරාජයෙන් තොරව නිමාවට පත්ව තිබේ. දෙරට අතර අවසන් වරට ටෙස්ට් තරගාවලියක් පවත්වා ඇත්තේ 2023 වසරේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙනි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *