Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කාවන්තිස්ස ඇතුගේ ජීවමාන ප්‍රතිමාවක් ඉදිකිරීමට සැරසෙන සජිත්

3 minutes ago

‘කාවන්තිස්ස’ හස්තියාගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් නිර්මාණය කිරීම සහ වනඅලි සංරක්ෂණ වැඩසටහනක් ආරම්භ කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පියවර ගෙන තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය අඹන්පොළ, කහඹිලියාවැටියාවත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ වතු පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

අදාළ වතු පරිශ්‍රය මියගිය කාවන්තිස්ස හස්තියා නායකත්වය හෙබවූ කහල්ල-පල්ලෙකැලේ අලි රංචුව නිතර ගැවසෙන භූමි ප්‍රදේශයට ඉතා ආසන්නව පිහිටා ඇති බවත්, මෙම වෙන්කරන ලද භූමිය කාවන්තිස්ස හස්තියාගේ ජීවමාන ප්‍රතිමාවකින් මෙන්ම පර්යේෂණ හා පුස්තකාල පරිශ්‍රයකින් ද සමන්විත වන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර තිබෙනවා.

මෙම මධ්‍යස්ථානය හරහා වනඅලි සහ ඇතුන් පිළිබඳ පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම, රට තුළ පවතින අලි-මිනිස් ගැටුම සමනය කිරීමට අදාළ ප්‍රායෝගික පියවර ගැනීම සහ වත්මන් හා අනාගත ශ්‍රී ලාංකික පරම්පරාවල යහපත උදෙසා අලි-ඇතුන් සංරක්ෂණය කිරීම ප්‍රධාන අරමුණු වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *