බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය නොමැති වුවද මහජනතාවට නව බැංකු ගිණුම් ආරම්භ කිරීමට සහ මෝටර් රථ ආදායම් බලපත්‍ර අලුත් කර ගැනීමට හැකි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව මුදල් අමාත්‍යාංශය මඟින් පෙන්වා දෙයි. අදාළ සේවාවන් ලබා ගැනීමේදී ඇතිවන ප්‍රමාදයන් වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා එක්ව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ විශේෂ නිවේදනයක සඳහන් වන්නේ, මේ වන විටත් TIN අංකයක් ලබාගෙන තිබුණද එහි සහතිකය ළඟ නොමැති පුද්ගලයන්ට, තමන්ගේ TIN අංකය පමණක් අදාළ ආයතන වෙත ලබාදීම ප්‍රමාණවත් වන බවයි.
තවද, මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන්ට තම ජාතික හැඳුනුම්පත් අංකය, නම, ලිපිනය, දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් (Email) ලිපිනය ලබාදීමෙන් මෙම සේවාවන් සපයා ගත හැකිය.
එලෙස ලබාගන්නා තොරතුරු පදනම් කරගනිමින්, අදාළ ආයතන හරහාම ලියාපදිංචි වීමේ කටයුතු පහසු කරමින් අලුතින් TIN අංකයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
එබැවින්, TIN සහතිකය ඉදිරිපත් කිරීමට නොහැකි වීම යන කරුණ මත පමණක් මහජනතාවට අදාළ සේවාවන් සැපයීම ප්‍රමාද කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතු බව මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.

ට්‍රම්ප්ගේ පරාජයත් බොරතෙල් මිලෙහි දැවැන්ත පහත වැටීමක්
පවන් රත්නායක හොඳම එක්දින පිතිකරුවන් 20 අතරට
නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ කිලෝ 150කට අධික මත්ද්‍රව්‍ය
ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා! චීවරධාරියෙකු ලෙස සැරසුණු ඝාතකයා චාමරගේ උපදෙස් මත නීතීඥයෙක් වෙලා!
ICC නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ශ්‍රී ලංකාව ඇතුළත ගෙවීම් පියවන්න ක්‍රිප්ටෝ භාවිත කරන්න බැහැ – මහ බැංකු අධිපති
සිනමා ඉතිහාසය නැවත ලියූ ‘එදා රෑ’! දින 40න් රුපියල් ලක්ෂ 8,093ක වාර්තාගත ආදායමක්!
2025 ඔක්තෝබරයේ සිට මේ දක්වා ළමුන් 11,131ක් අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට
වැටුප් වැඩි කළ නිසා 2026 මුල් මාස 06 දී රාජ්‍ය සේවක වැටුප් වියදම 12%කින්, විශ්‍රාම වැටුප් වියදම 15%කින් ඉහළට
ඉන්ධන සඳහා සහනාදාරයක් ලබාදීමට බිලියන 41ක පරිපූරක ඇස්තුමේන්තුවක්
දිස්ත්‍රික්ක 22කට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්