Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ICC නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

7 minutes ago

2026 ICC නැගී එන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් තරගාවලිය (ICC Women’s Emerging Nations Trophy 2026) සඳහා සහභාගී වන ශ්‍රි ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩිකාවන් 14 දෙනෙකුගෙන් යුත් සංචිතය නිවේදනය කළා.

හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් යුතු සංචිතයේ උප නායිකාව වශයෙන් කාවිෂා දිල්හාරි කටයුතු කරන බව සඳහන්.

මේ අතර සන්ජනා කාවින්දි, ඉමේෂා දුලානි, හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, නිලක්ෂිකා සිල්වා, කෞෂිනි නුත්‍යංගනා, සත්‍යා සන්දීපනී, රශ්මිකා සෙව්වන්දි, සුගන්ධිකා කුමාරි, චමුදි ප්‍රබෝධා, මල්කි මධාරා සහ චේතනා විමුක්ති එම සංචිතයට ඇතුළත්.

මෙම ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් 10 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) වෙත පිටත්ව යෑමට නියමිත අතර තරගාවලිය ලබන 12 වැනිදා සිට 25 දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *