Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2027 අයවැයෙන් ජනතාවට සහන රැසක් – ටී.බී සරත්

17 minutes ago

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එලඹෙන 12 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2027 වසර සඳහා වන නව අයවැය ලේඛනය හරහා මෙරට ජනතාවට පුළුල් සහන රැසක් හිමිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව  නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ මෙරට ඉතිහාසයේ වැඩිම මුදලක් සංවර්ධන කටයුතු සඳහා වෙන් කරන වසරක් බවට ලබන වසර පත්වනු ඇති බවයි.

එමෙන්ම වත්මන් ආණ්ඩුව  මඟින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස සංවර්ධන වැඩසටහන වෙනුවෙන් ඉදිරි වසර තුළ විශාල මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

ටී.බී. සරත් මහතා සඳහන් කළේ ඉදිරි වසර 3 තුළ මෙරට වසන සියලු ජනතාවට ලස්සන නිවෙසක් තනා දීම ජනාධිපතිවරයා ප්‍රමුඛ  රජයේ අපේක්ෂාව බවයි.

තවද, වත්මන් ආණ්ඩුවේ පස් අවුරුදු පාලන කාල සීමාව තුළ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන නිවාස ව්‍යාපෘතිය අවසන් කිරීමට දැඩි උත්සාහයක් ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *