Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අත්අඩංගුවට ගත් ඩ්‍රෝන යානා සම්බන්ධව මන්ත්‍රී නලින් බණ්ඩාරගෙන් පැහැදිලි කිරීමක්

12 minutes ago

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විසින් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා 39 සහ මයික්‍රොපෝන් 16 ගැන ඔහු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඊයේ(09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, සිය පවුලේ පෞද්ගලික ව්‍යාපාරයක් සඳහා මෙම ඩ්‍රෝන යානා සහ මයික්‍රොපෝන් රැගෙන ආ බවය.

එහිදී ඒ සඳහා අවශ්‍ය TRC අනුමැතිය සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතියද ඔවුන් සතුව පවතින බව ඔහු පැවසීය.

නමුත් ඔවුන් සතුව MOD ආයතනයෙහි නිසි අනුමැතියක් නොතිබුණු බව පැවසීය.

“අපේ පවුලේ ව්‍යාපාරයක් තියෙනවා පුතා සහ බිරිද අධ්‍යක්ෂක ධූරය දරණ කැමරා ඩ්‍රෝන් මේවා Rent කිරීම විකිණිම හා සම්බන්ධව ඉතින් මේ ව්‍යාපාරය  පුතා විසින්ම ආරම්භ කරන ලද ව්‍යාපාරයක්. ඉතින් මේකට ඩ්‍රෝන් සහ මයික්‍රොපෝන් වගයක් අරන් ආවා එනකොට කටුනායක ගුවන්තොටුපොළ හරහා. ඒකට අවශ්‍ය TRC අනුමැතිය  පුතාගේ සමාගම සතුව තියෙනවා. ඒ වගේම CIVIL AVIATION OF SRI LANDA අනුමැතියද තියෙනවා. මෙතන එකම ප්‍රශ්නය වුණේ MOD එකේ නිසි අනුමැතියක් තිබුණේ නැහැ…

මෙහිදී වැරදි මතයක් තියෙනවා අපි නිශ්කාෂණය නොකර ආවා වගේ මතයක් තියෙනවා. හොරබඩු ගෙනාවා වගේ කතාවක්.නිශ්කාෂණය  කරපුවාම තමයි මේ නෝටීස් එක දෙන්නේ. නිශ්කාෂණය නොකර අපි මොනවා හරි භාණ්ඩයක් ගෙනාවනම් ඒ ගොල්ලෝ කෙලින්ම ඒවා රඳවා තබා ගන්නවා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *