Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ජනපති ගෝඨාභය CCIBයෙන් පිටව යයි

2 minutes ago

ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් පිටව ගොස් තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කළ කැඳවීමකට අනුව ඒ මහතා අද (09) පෙරවරුවේ එහි පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස කැඳවා තිබුණි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා රාජ්‍ය ආයතන දෙකකින් එකවර වැටුප් ලබාගනිමින් රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *