අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමියන් සමඟ සිටියදී පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙරොයින් සහ ගංජා භාවිත කර සිටි බවට සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ, බලදුර රංගිරියලාගේ ප්‍රසාද් සුසන්ත ජයසිරි නොහොත් දහම් ප්‍රසාද් නමැති පුද්ගලයාය.
පසුගියදා අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පොලිසිය සහ භික්ෂූන් වහන්සේලා අතර ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
අනුරාධපුර පූජා නගර සැලැස්මට විරෝධය පළ කරමින් සංවිධානය කර තිබූ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සහ ඊට සහාය පළ කළ සිවිල් පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසිය උත්සාහ කිරීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබූ අතර, පසුව එය ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබිණි.

රට වටේම වෛද්‍යවරු අද කොළඹට
අත්අඩංගුවට ගත් ඩ්‍රෝන යානා සම්බන්ධව මන්ත්‍රී නලින් බණ්ඩාරගෙන් පැහැදිලි කිරීමක්
අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කෙරේ
අනුරපුර සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
සෙලාන් බැංකුව දැවැන්ත ලාභයක් වාර්තා කරයි
මෙම දෙදෙනා සොයා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි
ගම්පහ ඔස්මන් රිමාන්ඩ්
හිටපු ජනපති ගෝඨාභය CCIBයෙන් පිටව යයි
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
TIN අංකය ලබාගත් අයට විශේෂ දැනුම්දීමක්
ජනතා මුදල් වංචා කරන ව්‍යාජ කෙටි පණිවිඩයක් ගැන නිවේදනයක්
2027 අයවැයෙන් ජනතාවට සහන රැසක් – ටී.බී සරත්