රැඳවුම් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් මිලදී ගන්නා ලද බවට සැකකෙරෙන බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක් තහනම් කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.
සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම තෙමහල් නිවස සහ ඉඩම රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක (රු. 25,000,000) පමණ වටිනාකමකින් යුක්ත වන අතර, එය ශිරාන් බාසික් විසින් සිය පියාගේ නමින් මිලදී ගෙන, පසුව තෑගි ඔප්පුවක් මගින් තම දියණිය වෙත පවරා දී තිබූ බවයි.
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව මෙම තහනම පනවා තිබෙනවා.
ඒ අනුව අදාළ නිවස ඇතුළු ඉඩම විකිණීම, පැවරීම වළක්වාලමින් ඊයේ (13) දින සිට බලපැවැත්වෙන පරිදි දින 14ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙන බව සඳහන්.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටියදී පසුගියදා මෙරටට රැගෙන එන ලද ශිරාන් බාසික්ගේ දේපොළ කිහිපයක්ම මේ වනවිට අත්හිටුවීමට පියවරගෙන තිබෙනවා.

විදුහල්පති සේවයේ වැටුප් විෂමතා පිළිබඳව සාකච්ඡාවක්
අද කාලගුණ නිවේදනය
නවසීලන්තය හමුවේ ඉන්දියාවට අන්ත පරාජයක්! ශ්‍රී ලංකා වාර්තාව අසලටම නවසීලන්තය එයි!
පාසල් සිසුන්ට සහ දෙමාපියන්ට සහනයක්! ලබන මාසයේ සිට අභ්‍යාස පොත්වල මිලෙහි දැනෙන වෙනසක්!
පාසල් අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක්! 2027 සිට 6 ශ්‍රේණියේ විෂය මාලාවට එකතු වෙන අලුත්ම විශය මෙන්න!
කාලගුණයේ වෙනසක්
ජනතාවට සහන රැසක්! අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක බදු පහළට!
යළිත් IMF වැඩසටහනක්?
අධිකරණ නියෝග නොතැකූ කස්සප හිමි ඇතුළු 7 දෙනෙක් රිමාන්ඩ්! මානසික වෛද්‍ය පරීක්ෂණයක් සඳහාත් නියෝග!
සූර්ය බලශක්ති බැටරි ආනයන බද්ද ඉවතට
2027 අයවැය යෝජනා
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට