Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

laugh gas - ලාෆ් ගෑස්

ගෑස් මිල වැඩි කළේ ලාභ ලැබීමට නොවෙයි! ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයේ සම්පූර්ණ ගණන් හිලව් එළියට!

14 minutes ago

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල, නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු සහ විනිමය අනුපාත ඉහළ යාම හේතුවෙන් මතුව ඇති අමතර පිරිවැය පියවා ගැනීම සඳහා ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කළ බව එම සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා පවසයි.

මෙම මිල සංශෝධනය හරහා සමාගම කිසිදු අමතර ලාභයක් අපේක්ෂා නොකරන බවත්, පාරිභෝගිකයන් අපහසුතාවට පත් කිරීමේ අරමුණක් නොමැති බවත් ඒ මහතා අවධාරණය කරයි.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගමක් ලෙස කොටස් හිමියන්ට මෙන්ම ණය ලබා දී ඇති බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලටද සමාගම වගකීමට බැඳී සිටින බැවින් පාඩු ලබන මිලකට ගෑස් අලෙවි කිරීමේ හැකියාවක් නොමැති බව කුරුකුලසූරිය මහතා පෙන්වා දෙයි.

කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක පිරිවැය ඉහළ ගිය ආකාරය:

සෞදි අරාම්කෝ (Saudi Aramco) සමාගම මාසිකව ප්‍රකාශයට පත් කරන ගෑස් මිල සහ ලෝකයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් එක් සිලින්ඩරයකට අමතරව එකතු වී ඇති පිරිවැය පහත පරිදි වේ:

  • ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම: රුපියල් 706.00
  • නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම: රුපියල් 417.00
  • විනිමය අනුපාත වෙනස්වීම: රුපියල් 299.00
  • 18% වැට් (VAT) බදු මුදල: රුපියල් 256.00
  • බැංකු ණය සහ ණයවර ලිපි (LC) මූල්‍ය පිරිවැය: රුපියල් 90.00
  • මුළු අමතර පිරිවැය: රුපියල් 1,769.00 (සමාගම විසින් ඉහළ දමා ඇති මිල රුපියල් 1,775.00 කි)
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *