Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා රාවල්පින්ඩි ගෞරවනීය නාම පුවරුවට

7 minutes ago

පාකිස්තානයට එරෙහිව රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සුපිරි ශතක වාර්තා කළ ශ්‍රී ලංකා ටෙස්ට් නායක කුසල් මෙන්ඩිස් සහ හිටපු නායක ධනංජය ද සිල්වා, එම ක්‍රීඩාංගණයේ ගෞරවනීය නාම ලේඛනයට (Honours Board) ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වීමෙන් අනතුරුව ක්‍රීඩා කළ පළමු තරගයේදීම විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස්, ලකුණු 119ක් රැස් කිරීමට සමත් විය. නායකත්වය භාරගත් මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් වාර්තා කිරීම විශේෂත්වයක් වන අතර, එය ඔහුගේ ටෙස්ට් දිවියේ 11 වැනි ශතකය ලෙස වාර්තා පොත් අතරට එක්විය.

මේ අතර, ධනංජය ද සිල්වා ද පාකිස්තාන පන්දු යවන්නන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ලකුණු 167ක අගනා ඉනිමක් ගොඩනැඟීය. මෙය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 14 වැනි ශතකයයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *