Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙවර වෙසක්වලට දන්සල් කාලා හමාරයි

3 years ago

වෙනත් වසරවලට සාපේක්ෂව වෙසක් පොහොය දිනය නිමිත්තෙන් පවත්වන දන්සල්හි විශාල අඩුවීමක් මෙවර අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

දන්සල් පැවැත්වීම ගැන ඇතැම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත කිසිවකුත් දැනුම් දී නොමැති බවද හෙතෙම කීවේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මෙසේද කීවේය.

“මෙවර වෙසක් දන්සල් ගැන අපෙන් විමසීම් කරන්නෙ නැති තරම්. බොහෝමයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලට මෙතෙක් දන්සල් ගැන දැනුම් දී නැහැ. මේ නිසා මෙවර දන්සල් විශාල වශයෙන් අඩුවෙයි කියා බලාපොරොත්තු වෙනවා. දන්සල් පවත්වන්න බලාපොරොත්තු වෙනවා නම් සුපුරුදු පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගොස් ලිඛිතව ඒ ගැන දැනුම් දෙන්න. ඒ ගැන දැනුම් දුන් පසු අපි එතැනට ගිහින් ස්ථාන පරීක්ෂා කරලා අවශ්‍ය උපදෙස් දෙනවා. දන්සල් පවත්වන දිනයන්හිත් ඒ ඒ ස්ථාන පරීක්ෂා කරන්නත් ඒවාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නත් බලාපොරොත්තු වෙනවා” යැයිද හෙතෙම කීවේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *