Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අදත් තරගයට වර්ෂාවෙන් තරගයට බාධා වුවහොත් මෙවර IPL කිරුළ ගුජරාටයට ?

3 years ago

IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය වෙත ඊයේ ලෝකයේම අවධානය යොමුව තිබුණද තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් එම අවසන් මහා තරගය අමතර දිනය ලෙස නම්කර තිබූ අද (29) දක්වා කල්තැබීමට තරග තීරකවරුන් තීරණය කළේය.

ඒ අනුව සැලසුම් කළ අයුරින් එම අවසන් මහා තරගය අද අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත් අද දිනයේද මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් තරගයේ ජය පැරදුම තීරණය කෙරෙන නීතිරීති පහත පරිදි වේ.

එම තරග නීතිවලට අනුව සම්පූර්ණ තරගය, එනම් දෙපිළටම පන්දුවාර 20 බැගින් ක්‍රීඩා කිරීමට අවස්ථාව රාත්‍රී 9.35 දක්වා හිමිවේ.

ඒ අනුව රාත්‍රී 9.35 වනවිට ක්‍රීඩාංගණය තරගය පැවැත්වීම සඳහා සූදානම් කෙරුණහොත් තරගය බාධාවකින් තොරව පැවැත්වෙනු ඇති.

එම කාලයෙන් පසුව තරගය ආරම්භ වන්නේනම් ඉනිමක පන්දුවාර සංඛ්‍යාව අඩු කරමින් තරගය පැවැත්වීමට කටයුතු කෙරෙනවා.

පන්දුවාර 5ක තරගයක් ලෙස තරගය පැවැත්වීමටනම් අවසන් මහා තරගය අලුයම 12.06 ට ආරම්භ කළ යුතුයි.

පන්දුවාර 5ක තරගයක් ලෙස හෝ අවසන් තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කරමින් තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීමට කටයුතු යොදනු ඇති.

අවාසනාවන්ත තත්ත්වයක් මධ්‍යයේ වර්ෂාව හේතුවෙන් එම අවස්ථාවද මගහැරී ගියහොත් මෙවර IPL ශූරතාවය තරග 70කට පසුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටින කණ්ඩායමට හිමිවනු ඇත.

ඒ අනුව අවසන් මහා තරගයට එක්වන ගුජරාට් කණ්ඩායම එම ප්‍රසාද ලකුණු සටහනේ චෙන්නායි කණ්ඩායම අභිබවා ප්‍රථම ස්ථානයේ රැඳී සිටියි.

අද දහවල් වනවිට අහමදාබාද් ආශ්‍රිතව පැහැදිළි අහසක් දැකගත හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එසේ වුවද කාලගුණ වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අද පස්වරුව වනවිට අහස වලාකුළුවලින් බරවිය හැකි බවය.

කෙසේවෙතත් අද සවස 6.30න් පසුව වලාකුළුවලින් තොර පැහැදිළි අහසක් දැකගත හැකි බවත් එම වාර්තා වැඩිදුරටත් පවසයි.

අද රාත්‍රියේ අහමදාබාද් වෙත වර්ෂාව ඇතිවීමේ ප්‍රතිශතය දැක්වෙන්නේ සියයට 22ක් ලෙසටය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *