TVS මෝටර් සමාගම විසින් ශ්‍රී ලංකාවට අලුතින් හඳුන්වා දුන් TVS RONIN යතුරුපැදිය එළිදැක්වීමට සමගාමීව සංවිධානය කළ අති දැවැන්ත බයික් රැලිය පසුගියදා ඉතා සාර්ථකව නිමාවට පත් විය. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වූ මෙම චාරිකාව, A2 කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගය ඔස්සේ ඓතිහාසික ගාලු කොටුව දක්වා ගමන් කළේ මෝටර් රථ ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් දිනා ගනිමිනි.
මෙම සුවිශේෂී රැලිය සඳහා දේශීය මෙන්ම විදේශීය සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. කොළඹ සිට ගාල්ල දක්වා වූ දීර්ඝ ගමන් මාර්ගයේදී කළුතර බෝධිය, බෙන්තර පාලම, කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය සහ හික්කඩුව වැනි සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන රැසක් පසු කරමින් යාමට මෙම කණ්ඩායමට අවස්ථාව උදා විය.
රැලියට සහභාගී වූ ධාවකයන් ප්‍රකාශ කළේ, TVS RONIN සමඟ ගෙවූ මෙම ගමන තමන්ට අතිශය අලුත් සහ වින්දනීය අත්දැකීමක් වූ බවයි. දිවයිනේ නන්දෙසින් පැමිණි යතුරුපැදි ලෝලීන්ට නවතම තාක්ෂණයෙන් යුත් RONIN යතුරුපැදියේ ක්‍රියාකාරීත්වය මෙන්ම දකුණු වෙරළ තීරයේ සුන්දරත්වයද එකවර විඳගැනීමට මෙමගින් අවස්ථාව උදා විය.





ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට
හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්