ශ්‍රී ලාංකීය යතුරුපැදි ප්‍රජාවට නවතම අත්දැකීමක් තිළිණ කරමින්, ලොව සුපතල TVS සමාගමේ අතිනවීන ‘TVS Ronin’ යතුරුපැදිය මෙරට වෙළඳපොළට හඳුන්වාදීම පසුගියදා ඉතා උත්කර්ෂවත් අයුරින් සිදු කෙරුණා.
පසුගිය 09 වනදා උණවටුන Araliya Beach Resort හෝටල් පරිශ්‍රයේදී පැවැති මෙම වර්ණවත් එළිදැක්වීමේ උළෙල සඳහා දේශීය මෙන්ම විදේශීය නියෝජිතයන් රැසක් එක්ව සිටියා.
මෙම සුවිශේෂී අවස්ථාවට TVS ඉන්දියා සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් සහ TVS ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු කළමනාකාරීත්වය සහභාගී වූ අතර, මූල්‍ය ආයතන නියෝජිතයන්, ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් මෙන්ම යතුරුපැදි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වීම විශේෂත්වයක්.
‘Modern-retro’ සැලසුම් ශෛලියකින් හැඩගැන්වුණු TVS Ronin යතුරුපැදිය, බලගතු 225.9cc එන්ජිමකින් සමන්විත වේ. ධාවකයාගේ පහසුව සහ ආරක්ෂාව වෙනුවෙන් Dual-channel ABS පද්ධතිය, නවීන LED lighting පද්ධතිය, සම්පූර්ණ ඩිජිටල් තොරතුරු පුවරුවක් (Digital instrument cluster) සහ ජංගම දුරකථන සම්බන්ධතාවය සඳහා වන SmartXonnect වැනි අතිනවීන තාක්ෂණික අංගයන්ගෙන් මෙය පෝෂණය වී තිබෙනවා.
මෙරට වෙළඳපොළ තුළ රුපියල් 1,499,000ක් වැනි මිලකට මෙම යතුරුපැදිය අලෙවි කිරීමට නියමිතයි. කෙසේ වෙතත්, මෙම නවතම අත්දැකීමට ප්‍රිය කරන පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ දීමනාවක් හඳුන්වා දී ඇති අතර, ඒ අනුව මුල්ම පාරිභෝගිකයන් 100 දෙනා සඳහා රුපියල් 1,399,000ක් වැනි සුවිශේෂී හඳුන්වාදීමේ මිලකට මෙම යතුරුපැදිය මිලදී ගැනීමේ අවස්ථාව හිමි වන බවයි TVS කළමනාකාරීත්වය සඳහන් කළේ.





හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ