වසර 33ක කාලයක් සෞඛ්‍ය වෘත්තීයේ යෙදී මෑතකදී විශ්‍රාම ගිය ඉන්දියාවේ හෙද නිලධාරිනියක වන කතිජා බීබී විසින් සාර්ථක දරු ප්‍රසූති 10,000කට වැඩි ප්‍රමාණයක් අධීක්ෂණය කිරීම හේතුවෙන් ඇයට ඉන්දීය රජයෙන් සම්මානයක් ලබා දී ඇත.
තමාගේ දායකත්වයෙන් බිහිකළ ළදරුවන් 10,000න් කිසිවෙක් මිය නොයෑම ගැන ආඩම්බර වන බව 60 හැවිරිදි කතීජා සඳහන් කරයි.
ඇයගේ වසර ගණනාවක සේවා කාලය තුළ කිසිදු මරණයක් වාර්තා නොවූ නිසා ඇයට මෙම සම්මානය ලබාදුන් බව ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැති මා. සුබ්‍රමනියන් බීබීසීයට පවසා ඇත.
ඇය තමිල්නාඩුවේ රජයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක දශක තුනකට අධික කාලයක් සේවය කර ඇත.
කතිජාට හෙදියක් වීමට කැමැත්ත ඇති වී ඇත්තේ හෙදියක් වූ ඇගේ මව නිසා බවත්, කුඩා කළ සිටම සිරින්ජර සමඟ සෙල්ලම් කළ බවත්, ඇය සඳහන් කරයි.
දිළිඳු හා අර්ධ සාක්ෂරතාවයෙන් යුත් ග්‍රාමීය කාන්තාවන්ට සෞඛ්‍ය සේවය සැපයීමේදී තම මවගේ කාර්යයේ වැදගත්කම කුඩා කල සිටම ඇය තේරුම් ගෙන ඇති අතර, එකල පෞද්ගලික රෝහල් දුර්ලභ වූ නිසා, වර්තමානයේ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ලෙස හඳුන්වන රජයේ මාතෘ නිවාසය මත සෑම තරාතිරමකම කාන්තාවන් විශ්වාසය තැබූ බව ද ඇය පවසයි.
ඇය සේවය ආරම්භ කරන අවදියේ එක් වෛද්‍යවරයෙක්, සහායකයන් හත්දෙනෙක් සහ තවත් හෙදියන් දෙදෙනෙක් සිටි බවත්, පළමු වසර කිහිපය තුළ වැඩ සමඟ කාර්යබහුල වූ නිසා තමන්ගේ දරුවන් බලාගැනීමටද නොහැකි වුවද ඉන් බොහෝ අත්දැකීම් ලබා ගත් බවත්, කතිජා වැඩිදුරටත් සඳහන් කරයි.


ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ