Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආනයනික කිරිපිටි බද්ද ඉහළට

3 years ago

ආනයනික කිරිපිටි සඳහා රේගූ ආනයනික බද්ද සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 100ක බද්දක් අය කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඊයේ (12) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බදු සංශෝධනය සිදුකර තිබේ.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක් සඳහා සියයට 20ක හෝ රුපියල් 225ක රේගු ආනයනික බද්දක් පනවා තිබු අතර පසුගිය කාලයේ එය ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 100ක බද්දක් පනවා ඇති බව වාර්තා වෙයි.

නැවත දැනුම්දෙන තුරු මෙම බදු සංශෝධනය ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසයි.

කෙසේවෙතත් බදු ඉහළ දැමීමක් සිදුවුවද කිරිපිටි මිලෙහි වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *