හොලිවුඩ් නළු නිළියන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා.
Screen Actors Guild-American Federation of Television and Radio Artists (SAG-AFTRA) හි සභාපති Fran Drescher ලොස් ඇන්ජලීස් හි පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙන්නේ හොලිවුඩ් නළුවන් නියෝජනය කරන සංගමය වර්ජනයකට යන බවයි.
රංගන ශිල්පීන් 160,000ක් පමණ මධ්‍යම රාත්‍රියේ වැඩ නතර කරනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ අනුව එක්සත් ජනපදයේ චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදන වලින් අතිමහත් බහුතරයක් නවතිනු ඇති බවයි වාර්තා වන්නේ.
Cillian Murphy, Matt Damon සහ Emily Blunt යන ශිල්පින් ලන්ඩනයේ පැවති ක්‍රිස්ටෝපර් නෝලන්ගේ Oppenheimer හි මංගල දර්ශනයෙන් ඉවත්ව ගොස් වැඩ වර්ජනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කෘත්‍රිම බුද්ධිය සහ පරිගණකයෙන් නිපදවන ලද මුහුණු සහ කටහඬ, නළුවන් වෙනුවට භාවිත නොකරන බවට සහතිකයක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම වර්ජනය ආරම්භ කර ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් ඩිස්නි ප්‍රධාන විධායක නිලධාරී Bob Iger පවසා ඇත්තේ නළුවන් සහ ලේඛකයින් යන දෙඅංශයේම ඉල්ලීම් ප්‍රායෝගික නොවන අතර Covid-19 හි බලපෑමෙන් තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින කර්මාන්තයකට මෙම වර්ජනය හානිදායක වනු ඇති බවයි.
එමෙන්ම නිෂ්පාදනයේ පවතින චිත්‍රපට නවතිනු ඇති බවත් රූගත කිරීම් දැනටමත් අවසන් කර ඇති අවස්ථාවන්හිදී පවා, නැවත රූගත කිරීම් සහ චිත්‍රපට නිෂ්පාදන ක්‍රියාවලියේ අනෙකුත් අත්‍යවශ්‍ය අංග සඳහා නළු නිළියන් නොමැති වනු ඇති බවත් සඳහන්.
තවමත් රූගත කෙරෙන රූපවාහිනී වැඩසටහන් ද නළු නිළියන් නොමැති වීම නිසා බොහෝ දුරට නතර කිරීමට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


ජාතික පාසල්වල ගුරු මාරු 11000ක් නවතී
සිසුන් 56,000ක් ශිෂ්‍යත්ව කඩඉම පැනලා
නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු තෑග්ග
අගෝස්තු වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්
“පිරිත් කියන් නැතිව නීතිය කතා කරන්න” – බළංගොඩ කස්සප හිමිට අගවිනිසුරු පවසයි
කෝටි 20ක කොටු වුණු සේදවත්ත කසුන්ගේ ගෝලයා
ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් ගිලිහුණු 2027 ICC ශුරියන්ගේ කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට
22වැනි සංශෝධනයේ පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් නොකිරීම ගැන CLA සභාපතිගේ කනස්සල්ල
ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු කුරුණෑගලින්
22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්! තීන්දුව කථානායකට!