වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඉගෙනුම ලබමින් සිටි පළමු වසර ශිෂ්‍යයෙකු ඊයේ (18) හදිසියේ මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
මෙම සිසුවාට නේවාසිකාගාරයේ සිටියදී උණ රෝගය වැළඳීමෙන් පසු වහාම ඔහු රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
ඔහු රෝහල්ගත කරන අවස්ථාවේදීත් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මීට මාස 5කට පමණ ඉහත දී මේ අයුරින් වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ සිසුවෙකු උණ රෝගයෙන් මියගිය අතර ඔහුගේ මරණයට ද හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මියගිය මඩකලපුව සිසුවාගේ මළ සිරුර පරීක්ෂණ කටයුතුවලින් පසුව දෙමාපියන්ට භාර දීමට නියමිතයි.
වවුනියාව, මහරම්බකුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබනවා.


22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්! තීන්දුව කථානායකට!
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද?
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සහ T20 සංචිතය නම් කෙරේ
ප්‍රවීණ සංගීතඥ විමලජිත් දොඹගහවත්ත අභාවප්‍රාප්ත වෙයි
ඇමති විජිත හේරත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
ශම්මි සිල්වාට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක්
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 159ට එරෙහිව දිනන දකුණින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මියයයි! සියදිවි හානිකර ගැනීමක්දැයි සැකයක්!
රුපියල ගැන මහ බැංකුව කියන කතාව
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී චූලාගේ මරණයට විවෘත තීන්දුවක්
මැදපෙරදිග අර්බුද මැද බොරතෙල් මිලත් ඉහළට