විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (02) සහ හෙට (03) යන දෙදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) නිල සංචාරයක නිරත වේ.
දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සංචාරයේදී අමාත්‍යවරයා එරට ප්‍රධාන අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් හා එමිරේටීකරණ අමාත්‍ය ආචාර්ය අබ්දුල්රහ්මාන් අබ්දුල්මන්නාන් අල් අවාර් සහ ආර්ථික හා සංචාරක අමාත්‍ය අබ්දුල්ලා බින් තවුක් අල් මාරි ඇතුළු පාර්ශ්ව සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ඇත.
එමෙන්ම අද (02) දින අමාත්‍ය විජිත හේරත් මහතා එරට විදේශ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය තානි බින් අහමද් අල් සෙයුඩි සමඟ එක්ව ඩුබායිහි පැවැත්වෙන “Sri Lanka Beyond Your Dreams” වැඩසටහනේ දෙවැනි අදියරේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වීමට නියමිතව තිබේ.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්