උසස් අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා පත්කරන ලද විශේෂ තේරීම් කාරක සභාව විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) අහෝසි කර, ඒ වෙනුවට ස්වාධීන “ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව” නව නීති සම්පාදනයක් මගින් පනවන ලෙස නිර්දේශ කර තිබෙනවා.
යෝජිත ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පූර්ව අනුමැතිය ඇතිව ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සාමාජිකයින් 11 දෙනකුගෙන් සමන්විත විය යුතු බවට, එම කමිටුව නිර්දේශ කර ඇති බව තේරීම් කාරක සභාවේ සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
එසේම කොමිෂන් සභාව රාජ්‍ය විශ්වවිද්‍යාල කමිටුවක්, රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල කමිටුවක්, වෘත්තීය අධ්‍යාපන ආයතන සහ තත්ත්ව සහතිකය පිළිබඳ අනුකමිටුවක් යන අනුකමිටු හතරකින් සමන්විත විය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.
රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ විශ්වවිද්‍යාල පිහිටුවීමටත්, රාජ්‍ය විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය ආරක්ෂා කරමින් මූල්‍ය, යහපාලනය, වගවීම සහ විනිවිදභාවය පිළිබඳ වගකීම පවරමින් පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමටත් එහි දී තේරීම් කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.


අද කාලගුණය
නේපාලයේ විපතින් දින හතරකට පසු සුන්බුන් අතරින් ජීවය ලැබු හත් හැවිරිදි දියණිය
22ට එරෙහිව මාලිමාවේ විධායක කමිටු සාමාජිකයෙකුගෙන් පෙත්සමක්
හිටපු ඇමති රවී අද අල්ලස් කොමිසම හමුවට
කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්
ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල