උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් අහංගම වෙදගෙවත්ත, තිත්තගල්ල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේදී ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
නීතිවිරෝධී මත්පැන් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් ජීප් රථයේ නංවාගෙන පොලීසියට ගෙන ඒමට උත්සාහ දැරීමේදී කණ්ඩායමක් විසින් පොලිස් නිලධාරීන්ට පොලු මුගුරුවලින් සහ ගල්වලින් ප්‍රහාර එල්ල කර ඇත.
එම පහරදීමෙන් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයෙක් තුවාල ලබා ගෝනගහහේන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
එම පහරදීමෙන් ජීප් රථයේ පිටුපස වීදුරුවට අලාභ සිදුවී තිබේ.
මෙම පහරදීම සම්බන්ධයෙන් එකම පවුලේ හය දෙනෙකුගෙන් යුත් පිරිසක් අත්අඩංගුවට ගත් බවද වැඩබලන මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර සදහන් කරයි.


රුමේෂ් තරංග ලෝකයෙන්ම 3වැනි ස්ථානයට
මහ බැංකු තීරණයෙන් පසු ඩොලරයේ සිදු වූ වෙනස
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති පුටුව ඩිමාල් අරන්දර
විමල් වීරවංශගේ සහෝදරයාට රටින් යෑම තහනම් කරයි
මා ඔය පාලම මතින් යන වාහන වලට දැනුම්දීමක්
ගෝල්ෆේස් මුහුදු තීරයේ ඛේදවාචකයක්! සිසුන් තිදෙනෙක් ගසාගෙන යයි!
පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවයි
විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්! පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි!
හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
සලේ වෙනුවෙන් පැවැත් වූ සත්‍යග්‍රහය අවසන්