Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් සිසුන්ට එළිමහන් ක්‍රීඩා එපා

2 years ago

අධික උෂ්ණත්වය පවතින මේ දිනවල සිසුන් එළිමහනේ හෝ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් හා ක්‍රීඩා කිරීමෙන් වැළැක්විය යුතු යැයි අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන් ඇතුළු බලධාරීන් වෙත දැනුම් දී තිබේ.

මෙම දැනුම් දීම කර ඇත්තේ අධික උෂ්ණත්වයට සිසුන් නිරාවරණය වීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමිනි.

වැඩිපුර ජලය පානය හා වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් දීම වඩාත් සුදුසු බවත් දහවල් අධික උෂ්ණත්වය සහිත කාලයේ දී අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල දී සිසුන් පිටතට ගෙන යාමෙන් වළක්වා ගත යුතු බවත් එහි සඳහන්ව තිබේ. එමෙන්ම අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරග හා පුහුණුවීම් පැවැත්වීමෙන් වැළකී සිටිය යුතු බව ද එම මාර්ගෝපදේශ මාලාවේ සඳහන් කර ඇත.

සිසුන්ට ඇති විය හැකි සංකූලතාවල දී ප්‍රථමාධාර වශයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මෙසේ ය.

දහදිය දැමීම නිසා ඇතිවන විජලනය හා ලවණ ඉවත් වීම නිසා ඇති වන මස්පිඩු පෙරලීම, අත්පා හා උදරයේ මස්පිඩු වේදනාව හා පෙරලීම ඇති වන අවස්ථාවන්හිදී සියලු ක්‍රියාකාරකම්වලින් ඉවත් වී සිසිල් ස්ථානයක විවේක ගැනීම හා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම.

අධික මහන්සිය, අධික දහඩිය දැමීම හා ශරීර අප්‍රාණික බව මෙන් ම ක්ලාන්තය ඇති වන අවස්ථාවන්හිදී සියලු ක්‍රියාකාරකම්වලින් ඉවත් වී සිසිල් ස්ථානයක විවේක ගැනීම හා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, ස්නානය සහ සිසිල් ජලයෙන් ශරීරය තෙතමාත්තු කිරීම.ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණ වීම නිසා ඇති වන ආඝාත තත්ත්වය, අධික ශරීර උෂ්ණත්වය, නාඩි වේගය වැඩි වීම හා ස්වසන වේගය වැඩි වීම, සිහිමද ගතිය, හිසරදය, වලිප්පු තත්ත්වය හා සිහිසුන් වීමට ප්‍රතිකාර වශයෙන් සිසිල් සෙවණ සහිත ස්ථානයකට ගෙන යාම, ශරීරයට අනවශ්‍ය තද ඇඳුම් ඉවත් කිරීම, බුරුල්කිරීම, සිසිල් ජලයෙන් ශරීරය තෙතමාත්තු කිරීම. මෙය දැඩි අවදානම් සහිත තත්ත්වයක් බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු විය යුතුය . මෙවැනි අවස්ථාවලදී 1990 අමතා සුවසැරිය ගිලන් රථ සේවයේ සහය හෝ නැතහොත් ළඟම රෝහලේ ගිලන් රථය ලබා ගැනීම.

සිසුන්ට පහසුකම් සැලසීම හා සිසුන්ගේ පුද්ගලික පෙර සූදානම් සම්බන්ධයෙන් ද එහි සඳහන්ව ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *