අධික උෂ්ණත්වය පවතින මේ දිනවල සිසුන් එළිමහනේ හෝ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් හා ක්‍රීඩා කිරීමෙන් වැළැක්විය යුතු යැයි අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන් ඇතුළු බලධාරීන් වෙත දැනුම් දී තිබේ.
මෙම දැනුම් දීම කර ඇත්තේ අධික උෂ්ණත්වයට සිසුන් නිරාවරණය වීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමිනි.
වැඩිපුර ජලය පානය හා වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් දීම වඩාත් සුදුසු බවත් දහවල් අධික උෂ්ණත්වය සහිත කාලයේ දී අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල දී සිසුන් පිටතට ගෙන යාමෙන් වළක්වා ගත යුතු බවත් එහි සඳහන්ව තිබේ. එමෙන්ම අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරග හා පුහුණුවීම් පැවැත්වීමෙන් වැළකී සිටිය යුතු බව ද එම මාර්ගෝපදේශ මාලාවේ සඳහන් කර ඇත.
සිසුන්ට ඇති විය හැකි සංකූලතාවල දී ප්‍රථමාධාර වශයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මෙසේ ය.
දහදිය දැමීම නිසා ඇතිවන විජලනය හා ලවණ ඉවත් වීම නිසා ඇති වන මස්පිඩු පෙරලීම, අත්පා හා උදරයේ මස්පිඩු වේදනාව හා පෙරලීම ඇති වන අවස්ථාවන්හිදී සියලු ක්‍රියාකාරකම්වලින් ඉවත් වී සිසිල් ස්ථානයක විවේක ගැනීම හා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම.
අධික මහන්සිය, අධික දහඩිය දැමීම හා ශරීර අප්‍රාණික බව මෙන් ම ක්ලාන්තය ඇති වන අවස්ථාවන්හිදී සියලු ක්‍රියාකාරකම්වලින් ඉවත් වී සිසිල් ස්ථානයක විවේක ගැනීම හා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, ස්නානය සහ සිසිල් ජලයෙන් ශරීරය තෙතමාත්තු කිරීම.ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණ වීම නිසා ඇති වන ආඝාත තත්ත්වය, අධික ශරීර උෂ්ණත්වය, නාඩි වේගය වැඩි වීම හා ස්වසන වේගය වැඩි වීම, සිහිමද ගතිය, හිසරදය, වලිප්පු තත්ත්වය හා සිහිසුන් වීමට ප්‍රතිකාර වශයෙන් සිසිල් සෙවණ සහිත ස්ථානයකට ගෙන යාම, ශරීරයට අනවශ්‍ය තද ඇඳුම් ඉවත් කිරීම, බුරුල්කිරීම, සිසිල් ජලයෙන් ශරීරය තෙතමාත්තු කිරීම. මෙය දැඩි අවදානම් සහිත තත්ත්වයක් බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු විය යුතුය . මෙවැනි අවස්ථාවලදී 1990 අමතා සුවසැරිය ගිලන් රථ සේවයේ සහය හෝ නැතහොත් ළඟම රෝහලේ ගිලන් රථය ලබා ගැනීම.
සිසුන්ට පහසුකම් සැලසීම හා සිසුන්ගේ පුද්ගලික පෙර සූදානම් සම්බන්ධයෙන් ද එහි සඳහන්ව ඇත.


ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්යක්ෂවරයා අබිරහස් ලෙස මරුට
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති සහ ආරක්ෂක ලේකම්වරයා අතර විශේෂ හමුවක්
හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු ප්‍රකාශය කල් යයි
ඩොලර් මිලියන 2.5 ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ තීරණය වෙනස් වෙයි
බොරතෙල් බැරලයක මිල වාර්තාගත ලෙස ඉහළ යයි
අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
සනත් ජයසූරියගේ වසර 18ක් පැරණි IPL වාර්තාවක් බිඳවැටෙයි
වෛද්‍යවරියන් නාන දසුන් රූගත කළ 19න් පහළ ජාතික ක්‍රිකට් ක්රීඩකයමේ ක්‍රීඩකයින්ට වැඩ වරදියි
පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ඉල්ලා අස්වෙන්න! සජබයෙන් එරාන් වික්‍රමරත්නට දැනුම්දීමක්!
දඹුල්ලේ අවන්හලකට රුපියල් 510,000 ක දඩ