ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලබා රෝහල්ගතකර තිබේ.
ඊයේ (03) පස්වරුවේ ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති අතර එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් සඳහා මුදල් ප්‍රතිපාදන ගැටලුවක් මුලකර ගනිමින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.
එම සිදුවීම පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා මැදිහත් වී සමථයකට පත් කර ඇත.
නමුත් මන්ත්‍රී කණ්ඩාම් රැස්වීම අවසන් වී නික්ම යන අවස්ථාවේ පඩිපෙළ මතදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර යළිත්වරක් බහින් බස්වීමක් සිදුව ඇති අතර එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් තල්ලු කිරීමට යාමේදී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා පඩිපෙළේ ඇදවැටී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
අනතුරින් තුවාල ලැබූ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වන අතර ඔහුගේ පාදයේ අස්ථි බිඳුමක් සිදුව ඇති බවට වෛද්‍යවරුන් විසින් අනාවරණය කරගෙන ඇති බවට එම වාර්තා වැඩිදුරටත් පවසනවා.
ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පාදයේ අස්ථි බිඳුමක් සිදුව ඇති බව වෛද්‍යවරුන් විසින් අනාවරණය කරගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් අද දෙරණ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් වීමසීමක් කළේය.
එහිදී ඔහු සඳහන් කළේ තමන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග බහින්බස්වීමක් සිදුවුවද තල්ලුකිරීමට උත්සාහ නොකළ බවය.
දෙදෙනාගේ බහින්බස්වීම දුටු ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඔහු ඇදවැටීමට ලක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.


ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ